අද දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩ වර්ජනය වෛද්‍යවරුන්ගේ හුදකලා ප්‍රශ්නයක් පමණක් නොව මේ වන විට නිදහස් සෞඛ්‍ය සේවා මුහුණපාන බරපතළ අර්බුද රැසක් සම්බන්ධව ආණ්ඩුවට සිදු කරන අනතුරු ඇඟවීමක් බව
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ලෝකෙ දියුණු රටවල් වලට සාපේක්ෂව ලංකාවේ වෛද්‍යවරුන් ඉතා අඩු වැටුපක් ලබන අතර, ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්ණායකවලට අනුව දිනකට පරික්ෂා කළ යුතු රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයකට අධික ප්‍රමාණයක් මෙරට වෛද්‍යවරුන් පරික්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්ණායකවලට අනුව ජනගහනය දහසකට වෛද්‍යවරු එක් අයකු සිටිය යුතුවන අතර ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පරීක්ෂා කරන රෝගීන් සංඛ්‍යාව මෙම අනුපාතය ඉක්මවා ඉතා ඉහළ අගයක් බවද පෙන්නුම් කළේය.
ලංකාවේ සාමාන්‍යයෙන් ජනගහනය 1750කට එක් වෛද්‍යවරයකු වැනි ඉහළ අගයක් බවත් , ආසියාවේ අනෙකුත් රටවල්වල වෛද්‍යවරු ලබන වාර්ෂික වැටුපට සාපේක්ෂව ඉතා අඩු වැටුපක් ලබන බවද ඔහු පෙන්නුම් කළේය. සිංගප්පූරුව වැනි රටක වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂ 2 කට ආසන්න වන අතර, ශ්‍රී ලංකාවේ එම අගය ඩොලර් දසදහසකට ආසන්න වන බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව බරපතළ අර්බුද රැසකට මුහුණප ඇති අවස්ථාවකදී එයට සෘජුව මුහුණ දෙමින් සෞඛ්‍ය පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට වෛද්‍යවරුන් සිදුකරන මෙහෙය කිසිදු ආණ්ඩුවක් සාධාරණ ලෙස අගය කිරීමකට ලක් නොකළ බවද ඔහු සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගරුත්වය අභිමානය රැකියා සුරක්ෂිතභාවය හා නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම සඳහා සාධනීය කරුණු රැසක් ක්‍රියාත්මක වේ යැයි බලාපොරොත්තුවරුන් වැඩ වර්ජනයක් දක්වා කැඳවාගෙන යාමට කටයුතු කළේ ආණ්ඩුවම බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලසීමාවේදී වෛද්‍යවරුන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවත්, ඖෂධ හිඟය, ශල්‍ය උපකරණ හා තාක්ෂණික පරීක්ෂණ හිඟය, භෞතික හා මානව සම්පත් හිඟය, නිසි පරිදි ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම, වෘත්තිය කුසලතාවන්ට අනුව වැටුප් හා බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම වැනි කරුණු රැසක් මත වෛද්‍යවරුන් දැඩි ුතාවන් යළි යුක්තව නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යාමට කටයුතු කරන බැවින් රජය කඩනමින් වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය වෘත්තකයන්ගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.