Home Local News Room : වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

News Room : වෙඩි තැබීමක්.. අයෙක් මරුට..

0
0

 

අලව්ව පොලිස් බලප්‍රදේශයට අයත් මොරවලපිටිය, ගොඩාකූරුව මංසන්ධියේදී ඊයේ රාත්‍රී කාලයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. 

මෙම ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වී ඇත්තේ මැටියගනේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කේ.එම්. කවිදු නිමේෂා සත්සර නමැති තරුණයාටයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අලව්ව පොලිසිය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here