Home Local News Room : පක්‍ෂ කාර්යාලයකට ගිනි තියයි…

News Room : පක්‍ෂ කාර්යාලයකට ගිනි තියයි…

0
0

 

මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පදිංචිව සිටින, තාවඩි ප්‍රදේශයේ පිහිටි පක්ෂ මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ඊයේ (13) රාත‍්‍රි කාලයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දෙදෙනෙකු විසින් රාත්‍රි කාලයේ ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුව අසලට ඉන්ධන හලා ගිනි තබා ඇත.

සැකකරුවන් විසින් ගිනි තබන ආකාරය එම පරිශ්‍රයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියේ පැහැදිලිව සටහන්ව තිබේ.

ඇති වූ ගින්න හේතුවෙන් අදාළ ගොඩනැඟිල්ලේ කොටසකට අලාභහානි සිදු වී ඇත.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් යාපනය පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here