2025.11.16 දින ත්‍රීකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුල අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමට කටයුතු කරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ත්‍රීකුණාමලය වරාය පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කර තිබුණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර 2026.01.14 දින අධිකරණයේදී මෙම නඩුව කැඳවා ඇත.
නඩුවට අදාලව නම් කරන ලද සැකකරුවන් 11 දෙනෙකුගෙන් 09 දෙනෙකු අද දින ගරු අධිකරණයේ පෙනී සිට ඇති අතර එම සැකකරුවන් 09 දෙනා 2026.01.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අධිකරණය මඟින් අද දින මෙම නඩුවට අදාලව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සැකකරුවන් වශයෙන් නම් කර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
2026.01.19 දින මෙම නඩුව නැවත කැඳවීමට නියමිතය.







