Home Local News Room : හොදින් හෝ නරකින් ග‍්‍රීන්ලන්තය අල්ලනවා..- ට‍්‍රම්ප්

News Room : හොදින් හෝ නරකින් ග‍්‍රීන්ලන්තය අල්ලනවා..- ට‍්‍රම්ප්

0
0

 

ආක්ටික් කලාපය තුළ රුසියාව සහ චීනය දියත් කර ඇති යුදමය ක්‍රියාකාරකම් හමුවේ, අතිවිශාල ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ඇමරිකානු ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන කලාපයක් වන ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, ඇමරිකාව මෙම පියවර නොගතහොත් රුසියාව හෝ චීනය විසින් එම දූපත අත්පත් කරගනු ඇති බවයි. “අපි ග්‍රීන්ලන්තය ලබා නොගත්තොත් රුසියාව හෝ චීනය එය කරනු ඇති. මම එයට ඉඩ තබන්නේ නැහැ,” යනුවෙන් ඔහු එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයේ සිටි මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.

කෙසේ වෙතත්, රුසියාව හෝ චීනය මෙතෙක් ග්‍රීන්ලන්තය කෙරෙහි කිසිදු හිමිකම් පෑමක් සිදුකර නොමැති පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය කිරීම විශේෂත්වයකි. ඩෙන්මාර්කය සමඟ මේ සම්බන්ධයෙන් ගනුදෙනුවකට එළඹීමට තමා සූදානම් බවත්, කෙසේ හෝ අවසානයේදී ග්‍රීන්ලන්තය ඇමරිකාව සතු කරගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර විරෝධය උතුරු ඇමරිකාව සහ ආක්ටික් කලාපය අතර මූලෝපායිකව වැදගත් ස්ථානයක පිහිටා ඇති ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනය එල්ල කරන මෙම බලපෑම් ඩෙන්මාර්කයේ සහ අනෙකුත් යුරෝපීය මිත්‍ර රටවල දැඩි විමතියට හා කණගාටුවට හේතු වී තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේ සිටම ඇමරිකානු හමුදා කඳවුරක් පවතින මෙම දූපත, 1953 දක්වා ඩෙන්මාර්ක යටත් විජිතයක්ව පැවති අතර 1979 වසරේදී ස්වයං පාලන අයිතිය දිනාගන්නා ලදී.

ග්‍රීන්ලන්තයේ දේශපාලන පක්ෂ සහ අතිමහත් බහුතරයක් ජනතාව ඇමරිකානු පාලනයකට යටත් වීම තරයේ ප්‍රතික්ෂේප කරති. තම අනාගතය තීරණය කිරීමේ අයිතිය තමන් සතු විය යුතු බව ඔවුහු අවධාරණය කරති.

ආරක්ෂක දුර්වලතා පෙන්වා දෙයි ග්‍රීන්ලන්තයේ ආරක්ෂක පද්ධතිය උපහාසයට ලක් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඔවුන් සතුව ඇත්තේ “බල්ලන් ඇදගෙන යන හිම කරත්ත දෙකක්” පමණක් බවයි. එහෙත් රුසියාව සහ චීනය සතුව විනාශකාරී යුද නැව් සහ සබ්මැරීන් විශාල ප්‍රමාණයක් පවතින බැවින්, ග්‍රීන්ලන්තය ඇමරිකාව සමඟ එකඟතාවකට පැමිණීම උචිත බව ඔහු අනතුරු ඇඟවීය.

ඩෙන්මාර්ක අගමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ බලහත්කාරයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට ඇමරිකාව උත්සාහ කරන්නේ නම්, එය වසර 80ක අත්ලාන්තික් ආරක්ෂක සබඳතා බිඳවැටීමට හේතු වනු ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, “එය නේටෝ (NATO) සංවිධානයට බලපානවා නම් එසේ වුවාවේ, නමුත් අපිට වඩා ග්‍රීන්ලන්තයට අපේ අවශ්‍යතාවය පවතිනවා” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here