හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව අධ්‍යාපන විධිවිධාන ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය තීරණය කිරීමත් සමඟ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිසක් දියත් කළ අඛණ්ඩ සත්‍යග්‍රහය නතර කර තිබේ.
පසුගිය දිනක ආරම්භ වූ මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වූයේ අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම අහෝසි කිරීම සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
පාලක පාර්ශවය විසින් වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීම හේතුවෙන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස සිය විරෝධතා ව්‍යාපාරය මෙලෙස අවසන් කිරීමට තීරණය කර ඇත.
අවසන් කිරීමේ අවස්ථාවේදී පිරිස එම ස්ථානයේ ජයඝෝෂා කල අතර රතිඤ්ඤා දැල්වා ප‍්‍රිතිය පල කලහ.







