Home Local News Room : ලාල් නොනැවතේ.. තවත් වනචාරී කතාවක්..

News Room : ලාල් නොනැවතේ.. තවත් වනචාරී කතාවක්..

1
0

 

අමාත්‍ය KD ලාල් කාන්ත මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහනක් හේතුවෙන් මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.

අදාළ සටහන තබමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ “තවත් වනචාරියෙකු දුටිමි” යනුවෙනි.

මීට පෙරද අවස්ථාවක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ මිහින්තලයේ වනචාරියෙකු සිටින බවත්, ඔහු කට ඇරියහොත් පවසන්නේ අසභ්‍ය වචන බවත්ය.

මෑත කාලීනව රජය විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මිහින්තලේ විහාරාධිපති හිමියන් රජය වෙත දැඩි විවේචනයක් එල්ල කළහ.

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් විහාරාධිපති හිමියන් ඉලක්ක කරගනිමින් මෙවැනි රළු ප්‍රහාරාත්මක ප්‍රකාශ එල්ල කරනු ලබන්නේ එම විවේචනවලට ප්‍රතිචාර ලෙසයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ ආගමික හා සිවිල් සංවිධාන සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

අමාත්‍යවරයාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් එම සංවිධාන ඔහුට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් සිටී.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here