Home Local News Room : කිවුව තරම් සද්දයක් නැතිව අව පීඩනය යන්න යයි..

News Room : කිවුව තරම් සද්දයක් නැතිව අව පීඩනය යන්න යයි..

0
0

 

මන්නාරම බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය තවදුරටත් ක්‍රමයෙන් හීන වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දිවයිනේ කාලගුණය කෙරෙහි එල්ල වූ බලපෑම ද පහව යමින් පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්: විටින් විට වැසි ඇති විය හැක. මධ්‍යම සහ වයඹ පළාත් සුළු වශයෙන් වැසි ඇති වීමේ හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශ සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළුව මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථානවලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු මඟින් සහ තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවධානයෙන් පසුවන ලෙස මහජනතාවට උපදෙස් දෙනු ලැබේ.

කොළඹ සිට මන්නාරම හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු තීරයේ ධීවර හා නාවික කටයුතු සඳහා පනවා තිබූ තහනම මේ වන විට ඉවත් කර ඇත.

දිවයින වටා මුහුදු කලාපයේ සුළං දිශාව නැගෙනහිර දෙසින් පවතින අතර, සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30-40ත් අතර වේ. කෙසේ වෙතත්, පුත්තලම සිට කන්කසන්තුරය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 දක්වා ඉහළ යා හැකි බව දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here