Home Local News Room : බ‍්‍රිතාන්‍යයට තීරු බදු රහිතව ඇඟලුම් අපනයනයට අවස්ථාව..

News Room : බ‍්‍රිතාන්‍යයට තීරු බදු රහිතව ඇඟලුම් අපනයනයට අවස්ථාව..

0
0

 ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ට ජනවාරි පළමු වන දා සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි තීරු බදු රහිත ප්‍රවේශය හිමිව තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා හඳුන්වා දෙන ලද ප්‍රතිසංස්කරණ ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ඇඟලුම් අපනයන වෙළෙඳපොළ වන අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වේ.

නව විධිවිධාන බලාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සිදුකෙරෙන ඇඟලුම් අපනයනයන්හි සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට වරණීය තීරු බදු ප්‍රතිලාභ පවත්වා ගනිමින් කලාපීය හවුල්කරුවන්ගෙන් භාණ්ඩ ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන අතර මෙම නව වෙළෙඳ රීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට පෙර නොවූ විරූ වරප්‍රසාද රැසක් හිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here