අම්බුළුවාව පාරිසරික කලාපයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක් ලැබෙන තෙක් එහි සිදුකරනු ලබන සියලුම ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දැනටමත් නිකුත් කර තිබේ. අදාළ පාරිසරික කලාපයේ පාලනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුකාරී තත්ත්වයන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද යෝජනා වී ඇති බව වාර්තා වේ.
මෙම තීරණයට අදාළ ඉදිරි පියවරක් ලෙස, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ පාරිසරික ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් අම්බුළුවාව පාරිසරික කලාපයේ විශේෂ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් ඉදිරියේදී සංවිධානය කිරීමට ද අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.