Home Local News Room : හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක්..- නි. ඇමති

News Room : හයේ මොඩියුලයේ තියෙන්නේ යාළුවන් සොයාගන්න ලින්ක් එකක්..- නි. ඇමති

0
0

 හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ යහළුවන් ඇතිකර ගැනීම සඳහා ලින්ක් එකක් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ගැටළුව තිබුණේ අදාළ ලින්ක් එකේ බවත් එය ඉවත් කර එම මොඩියුලයම නැවත පාවිච්චි කර ගැනීමේ හැකියාව ඇති බවද හෙතෙම කියා සිටියි.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවද ඔහු පැවසුවේය.

මෙම මොඩියුලයම නිවැරදි කළ නැවත භාවිත කළහොත් අමතර වියදමක් සිදු නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වරදක් වී ඇත්නම් වියදම නොසලකා එය නිවැරදි කිරීම ආණ්ඩුවේ වගකීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here