දිට්වා
සුලි කුණාටුවෙන් කොත්මලේ උලපනේ මාවෙළ හරහා කොත්මලේ නව නගරයට පිවිසෙන ප්‍රධාන
මාර්ගයේ පරංගම්මන ඉහළ ගෙදර ප්‍රදේශයේ මීටර් 500ක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම නායයැමේ
හේතුවෙන් මාස 2කට ආසන්න කාලයක් තමන් දැඩි ලෙස පීඩාවට පත් වි සිටින බව එම මාර්ගය
භාවිතා කරන පීඩාවට පත් ජනතාව කියා සිටින්නේ.
ඉකුත්
මස 27 දින කොත්මලේ ප්‍ර දේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොත්මලේ පරංගම්මන ඉහළ
ගෙදර ප්‍රදේශයේ මාර්ගයේ කොටස නාය ගිය බවත්, එම නායයැම සිදු වු දින සිට කොත්මලේ මා
වෙළ, මාස්වල, කඩදොර, නයාපාන ඇතුලු ගම්මාන 20කට පවුල් 1500ක් පමණ ජනතාව දැඩි ලෙස
පීඩාවට පත් වි ඇති බවයි එහි පදිංචිකරුවන් කියා සිටින්නේ.
නාය
ගිය දින සිට තමන්ට පා ගමනින් යා හැකි අතුරු මාර්ගයක් ඔස්සේ කොත්මලේ නව නගරයට
පැමිණෙන බවත්, එම මාර්ගය ගිලා බැසීම හේතුවෙන් තම දෛනික කටයුතු සිදු කරගෙන යෑමට
නොහැකි වීම හමුවේ තමන් ආර්ථික වශයෙන්ද දැඩි ලෙස බලපෑමකට ලක් වී ඇති බවයි එම ජනතාව
කියා සිටියේ.
කොත්මලේ
නායයැමට ලක් වූ සෙසු මාර්ග ප්‍රතිසංස්කරණය කර ඇතත්, කොත්මලේ උලපනේ මාවෙළ හරහා
කොත්මලේ නව නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය මෙතෙක් ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්,
එම මාර්ගයේ ත්‍රි රෝද රථයක් ගමන් කිරිමට හැකි ආකාරයෙන් හෝ මාර්ගය ප්‍රතිසංස්කරණය
කරදෙන ලෙසයි එම ගම්මානවල පදිංචි මාර්ගයේ නායයැමෙන් පීඩාවට පත් වී සිටින ජනතාව කියා
සිටියේ.
රංජිත් රාජපක්ෂ