Home Local News Room : පාසල් සිසුන් වෙනුවෙන්ම කෝච්චියක් යයි..

News Room : පාසල් සිසුන් වෙනුවෙන්ම කෝච්චියක් යයි..

0
0

 

දිට්වාසුලි
කුණාටුවෙන් පසු පලමු පාසල් වාරය (05) දින ආරම්භ වීමත් සමග පාසල් ළමුන්, රාජ්‍ය
සේවකයින් ඇතුලු මගින්ට ගමන් කිරිම සදහා (05) දින නාවලපිටියේ සිට වටවල දුම්රිය
ස්ථානය දක්වා ධාවනය කල මගී ප්‍රවාහන දුම්රිය (06) දින හැටන් දුම්ිරය ස්ථානය දක්වා
ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පියවර ගත්හ.

එම
දුම්රිය යලිත් (07) දින අලුයම 5:15ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නාවලපිටිය දුම්රිය
ස්ථානය දක්වා ගමන් කර යලිත් පස්වරු 2:15ට නාවලපිටිය දුම්රිය ස්ථානයෙන් හැටන් දුම්රිය
ස්ථානය දක්වා ධාවනය කිරිමට නියමිතය.

මෙම
දුම්රිය ධාවනය කිරිම නිසා රොසැල්ල, වටවල, ගලබොඩ, ඉගුරුඔය යන ප්‍රදේශවල පාසල් ළමුන්
ඇතුලු මගීන්ට පහසුවෙන්ම නාවලපිටිය දක්වා අලුයම ගමන් කිරිමට හැකියාව ඇත.

මෙම
දුම්රියේ (06) දින ගමන් කිරිමට පාසල් ළමුන් ඇතුලු විශාල මගීන් සංඛ්‍යාවක් සිටි
අතර, මෙම දුම්රිය දැනට රජයේ වැඩ කරන දිනවල පමණක් ධාවනය කිරිමටයි දුම්ිරය පාලක
මැදිරිය තීරණය කර ඇත්තේ.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here