Home Local News Room : වෙනිසියුලාව වෙනුවෙන් කොලඹ ඇමරිකා එම්බසිය වටලන්න එයි.. පොලිස් බල...

News Room : වෙනිසියුලාව වෙනුවෙන් කොලඹ ඇමරිකා එම්බසිය වටලන්න එයි.. පොලිස් බල ඇණි සීරුවෙන්..

0
0

 

ඇමරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ට විරෝධය පළ කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජන අරගල සන්ධානය පවසයි.

ප්‍රගතිශීලී වාමාංශික පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක ඒකාබද්ධ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව එම සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.

මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ වර්තමාන ශ්‍රී ලංකා රජය අනුගමනය කරන වැඩපිළිවෙළ දැඩි විවේචනයට ලක් කරමින් නාගමුව මහතා ප්‍රකාශ කළේ, රජය ඉතා දුර්වල හා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවයි. 

ජනතා විමුක්ති පෙරමුණ ද මෙම බරපතළ තත්ත්වය හමුවේ දියාරැ නිවේදනයක් නිකුත් කිරීමට පමණක් සීමා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වර්තමාන පාලනය ඇමරිකා එක්සත් ජනපදයේ අවශ්‍යතාවන් මත කටයුතු කරමින් සිටින බවත්, මෙය පෘතුගීසි සහ ලන්දේසි යුගවල මෙරට පාලකයන් ආක්‍රමණිකයන් හමුවේ කටයුතු කළ ආකාරයට සමාන බවත් ඔහු පෙන්වා දුන්නේය. පාලකයන් පරාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

ඇතිවී තිබෙන තත්ත්වයන් හේතුවෙන් කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය හා ඒ අවට මාර්ගයන්හි ආරක්ෂාව දැඩි කිරීමට විධිධාන යොදමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here