Home Local News Room : පාවහන් නිසා සීගිරියේ පඩිපෙල් ගෙවෙනවා…- ඇමති සෙනෙවි

News Room : පාවහන් නිසා සීගිරියේ පඩිපෙල් ගෙවෙනවා…- ඇමති සෙනෙවි

0
0

 

සීගිරි පර්වතයේ පිහිටි පැරණි පඩිපෙළ දිනෙන් දින ක්ෂය වීමේ තර්ජනයකට මුහුණ පා ඇති බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා අනාවරණය කළේය. 

දිනපතා පැමිණෙන සංචාරකයින් පාවහන් පැළඳ ඒ මත ගමන් කිරීම මෙම ශීඝ්‍ර ගෙවීයාමට ප්‍රධාන හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පිරිහෙමින් පවතින ලෙන් විහාරය පිළිසකර කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

එහිදී සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සමඟ පැවැති සුහද හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මෙරට පෞරාණික උරුමයන් වඩාත් සුරක්ෂිත කරනු පිණිස දැනට පවතින පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here