Home Local News Room : ලෝක යුද්දයක් ඇවිලේ.. ඇමරිකාව වෙනිසියුලාවට පහර දේ…

News Room : ලෝක යුද්දයක් ඇවිලේ.. ඇමරිකාව වෙනිසියුලාවට පහර දේ…

0
0

 

වෙනිසියුලාවේ කරකස් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඒ හේතුවෙන් රට තුළ හදිසි නීතිය පැනවීමට ජනාධිපති නිකොලස් මදුරෝ පියවර ගෙන ඇති බවත් විදේශ අමාත්‍ය අයිවන් ගිල් ප්‍රකාශ කර සිටී.

කරකස් අගනුවර මෙන්ම මිරැන්ඩා , අරගුවා සහ ලා ගුවයිරා යන ප්‍රාන්තවල යුධමය සහ සිවිල් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා කරයි. 

අගනුවර ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් විදුලිය බිඳවැටීම් ද සිදු වී තිබේ. කරකස් නගරයට ඉහළින් ඇමරිකානු චිනුක් වර්ගයේ හමුදා හෙලිකොප්ටර් යානා පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

වෙනිසියුලාවේ තෙල් සහ ඛනිජ සම්පත් ඇතුළු උපායමාර්ගික සම්පත් අත්පත් කර ගැනීම මෙම ප්‍රහාරයේ සැබෑ අරමුණ බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මෙම ක්‍රියාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවත්, එය මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අවදානමට ලක් කරමින් කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලානු හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර ඇති බව ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත. 

කෙසේ වෙතත්, වොෂින්ටනයෙන් මේ දක්වා ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් කර නොමැත. පවතින උණුසුම් තත්ත්වය හමුවේ කරකස්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට “කිසිදු හේතුවක් මත වෙනිසියුලාවේ සංචාරය නොකරන ලෙස” දන්වමින් සිව්වන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.

මෙම තත්ත්වය හමුවේ “අධිරාජ්‍යවාදී ආක්‍රමණය පරාජය කිරීම සඳහා මුළු රටම සක්‍රීය විය යුතු බව” වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here