Home Local News Room : හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

News Room : හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

3
0

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසර සිසුන් සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි මොඩියුලයකට සමලිංගික අන්තර්ගතයන් සහිත වෙබ් අඩවියක සබැඳියක් (Link) ඇතුළත් වී ඇති බවට එල්ල වන චෝදනා හමුවේ මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

මෙම සිදුවීමේ වගකීම භාරගනිමින් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. 

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු නිලධාරීන් ද මීට සෘජුව වගකිව යුතු බවට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මෙන්ම රජයට හිතවාදී මත දරන පාර්ශ්වයන් ද චෝදනා කරති.

පවතින චෝදනා සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් මෙතෙක් ඉල්ලා අස්වීම් පිළිබඳ කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති වුවද, සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කර තිබේ. 

මීට අමතරව, අදාළ වෙබ් අඩවි සබැඳිය මොඩියුලයට ඇතුළත් වූ ආකාරය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here