Home Local News Room : ජොනී පසුපස පොලිස් කණ්ඩායම් පහක් පන්නයි.. ඔහු සැගවී පලා...

News Room : ජොනී පසුපස පොලිස් කණ්ඩායම් පහක් පන්නයි.. ඔහු සැගවී පලා යයි…

0
0

 

සතොස ආයතනයට අයත් වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. 

මේ වන විට පොලිස් කණ්ඩායම් පහක් විවිධ ප්‍රදේශ ඔස්සේ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණද, සැකකරු මෙතෙක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව නොමැත.

ඔහු අමාත්‍ය ධුරය දැරූ කාලසීමාව තුළ රජයට අයත් ලොරි රථයක් පෞද්ගලික කාර්යයන් සඳහා යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් රජයට අහිමි වී ඇති බවට ගණනය කර ඇත.

මෙම සිදුවීමට අදාළව දැනටමත් හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කෙරෙන වැඩිදුර විමර්ශන මත පදනම්ව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here