Home Local News Room : ජවිපෙ දෙන්නෙකුත් ජනාධිපති අරමුදලෙන් මුදල් අරන්.. දන්න කෙනෙක් හෙලි...

News Room : ජවිපෙ දෙන්නෙකුත් ජනාධිපති අරමුදලෙන් මුදල් අරන්.. දන්න කෙනෙක් හෙලි කරයි..

2
0

 

ජනතා විමුක්ති පෙරමුණේ දෙදෙනකු ජනාධිපති අරමුදලෙන් මුදල් අරගෙන ඇතැයි මාධ්‍යවේදී උවිඳු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තොරතුරු දැනගැනීමේ පනතෙන් අදාළ තොරතුරු ලබාදීමට කල් ගෙන ඇත්තේ ඒ හේතුවෙන් බවයි.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

*****

හිරු ටීවී එක සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වූට්ලර් මහත්මයා විදුලි සංදේශණ කොමිසමට ලියුමක් ඇරියනෙ. ආණ්ඩුවේ ලොක්කො කියන්නෙ ඒක වූට්ලර් තනි මතයට හපු එකක් කියල​. දැන් විපක්‍ෂයට හෝ හිරු මාධ්‍ය ජාලයට හෝ “පුරවැසියෙකුට” ඇත්ත දැනගන්න ඕන​ නම් කරන්න පුළුවන් වැඩක් තියෙනව​. ඒ තමයි පොලිස්පතිගෙන් අහන්න ඕන​, වූට්ලර් තනිමතයටද​ ඒක යැව්වෙ කියල​. තොරතුරු දෙන්න බැහැ කිව්වොත් තොරතුරු දැනගැනීමේ කොමිසමට ඇපීල් එකක් දාන්න​, අපිට වූට්ලර්ගෙ ලොග් බුක් එක බලන්න ඕන කියල. බලන්නකො මොකද වෙන්නෙ කියල​. ඒකෙ ලොග් එන්ට්‍රියක් තියෙන්නම ඕන​, එයාට කවුද ඒ ලිපිය යවන්න කිව්වෙ, නැත්තං එයාගෙ හිතුමතේටද ලියුම ඇරියෙ කියල​. පොතේ කොල කඩන්න එයාට බැහැනෙ. 

මම උදාහරණයක් කියන්නං. පහුගිය ආණ්ඩු කාල වල​ ජනාධිපති අරමුදලෙන් සල්ලිගත්ත දේශපාලනඥයින්ගෙ නම් ලිස්ට් එකක් මාධ්‍ය ඇමති නලින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළානෙ. ඒකෙ දයාසිරි ජයසේකරත් රුපියල් මිලියනයක් අරන් තියෙනව කියල කිව්වනෙ. දයාසිරි ඉල්ලුව 2004-2010 කාලෙ ජනාධිපති අරමුදලෙන් සල්ලිගත්ත දේශපාලනඥයින්ගෙ නම් ලැයිස්තුවත් සභාගත කරන්න කියල​.

ඒක කළේ නැති උනාම​ දයාසිරි, ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ලබාගැනීමේ පනත යටතේ ඒ තොරතුරු ඉල්ලල ලියුමක් ඇරිය​. තොරතුරු නොදුන්නම​, දයාසිරි RTI කොමිසමට ඇපීල් කළා. ජනාධිපති ලේකම් කාර්යයාලයෙන් කිව්ව​, ඒ දත්ත නැහැ කියල​. දයාසිරි කිව්ව මුදල් පොත නැති වෙන්න බැහැනෙ. ඒක පෙන්නන්න කියල​. RTI කොමිසමේ නිලධාරින් කිව්ව “බොරු කියන්න එපා මෙතන ඇවිත්, මන්ත්‍රීතුමාට මුදල් පොත පෙන්නන්න” කියල​. ඊළඟ ඇපිල් දිනේ දවසෙ බලමු මොකක්ද වෙන්නෙ කියල​. දයාසිරිට තොරතුරු නොදුන් හේතුව දන්නවද​? ජවිපෙ දෙන්නෙකුත් ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් තියෙන නිසා​!

ඉතිං වුඩ්ලර්ටත් ඒ ඉරණමම තමා අත්වෙන්නෙ. පනත එච්චර ශක්තිමත්. මතක ගිය මාසෙ අභියායචනා අධිකරණය දුන්න තීන්දුව. ඒකනෙ මේ ආණ්ඩු කොමිසම අකර්මන්‍ය කරන්න හදන්නෙ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here