Home Local News Room : පස්බාගෙ කෝරලේ ප්‍රා.ලේ. කාර්යාලයේ බෝම්බයක් ඇතැයි තොරතුරක්.. හදිසි පරික්ෂාවක්..

News Room : පස්බාගෙ කෝරලේ ප්‍රා.ලේ. කාර්යාලයේ බෝම්බයක් ඇතැයි තොරතුරක්.. හදිසි පරික්ෂාවක්..

4
0

 

නාවලපිටිය
පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුල බෝම්බයක් ඇති බවට එම
කාර්යාලයේ පොදු ඊ මේල් ගිනුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා
කාමරය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය (29) දින හදිසි පරික්ෂාවට ලක්
කෙරිණ.

නාවලපිටිය
පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත එම ඊ මේල් පණිවිඩයෙ
විදේශ රටකින් ලද කූඩාරමක් තුල බෝම්බයක් ඇති බවත්, එය (29) දින පස්වරු 2:00ට පුපුරා
යන බවට සදහන්ව තිබූ නිසා වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශිය ලේකම්තුමිය විසින් ප්‍රාදේශිය
ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස
ඉවත් කර ඒ පිලිබදව ආරක්ෂක අංශ වෙත දැනුම් දෙනු ලැබූහ.

නාවලපිටිය
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිළ
සුනඛ අංශයේද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරික්ෂා කිරිමෙන් අනතුරුව එහි සැක කටයුතු
කිසිවක් නොමැති බවට තහවුරු විය.

සිද්ධිය
සැල වූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය
කියා සිටියේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලද ඊ මේල් පණිඩයක් මත ප්‍රාදේශිය ලේකම්
කාර්යාල පරිශ්‍රය පරික්ෂාවට ලක් කල බවයි.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here