Home Local News Room : මනුෂ්‍ය ඝාතනයක්…

News Room : මනුෂ්‍ය ඝාතනයක්…

0
0

 

අයගම පොලිස් වසමේ සමරුගම ප්‍රදේශයේදී පහරදීම හේතුවෙන් තුවාල ලැබූ
 පුද්ගලයෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති
බවට 2025.12.27 වන දින උදෑසන කාලයේ අයගම පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත
විමර්ශන ආරම්භ කර ඇත
.

මරණකරු වයස අවුරුදු 57 ක් වූ සමරුගම, අයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු 2025.12.26 වන දින සවස් කාලයේ අසල්වැසි නිවසකට ගොස් සිටියදී එම
නිවසේ හිමිකරු සමඟ ඇති කරගත් ආරවුලක් හේතුවෙන් නිවෙස් හිමිකරු විසින් පහරදී මෙම
ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත
.

මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සිදුකළ වයස
අවුරුදු 40 ක් වන සැකකරු සමරුගම ප්‍රදේශයේදී අයගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්
අත්අඩංගුවට ගෙන ඇති අතර අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here