Home Local News Room : සීතලේ පුවක් හැදේ..

News Room : සීතලේ පුවක් හැදේ..

0
0

 

බගවන්තලාව
බ්‍රිඩ්වෙල් වතුයායේ වතු කම්කරුවෙකුගේ ගෙවත්තක සිටුවා තිබූ පුවක් පැළයක මේ දිනවල
ඵලහටගෙන ඇත.

උෂ්ණ
කලාපීය ප්‍රදේශවල පමණක් පුවක් වැවෙන බවට වූ මතය වෙනස් කරමින් අධික සීතල කාලගුණයක්
සහිත බගවන්තලාව වැනි ප්‍රදේශයක පුවක් ගස් වල ඵලදාව හට ගැනීමෙන් කන්ද උඩරටද කාලගුණ
තත්වයේ යම් වෙනසක් ඇති වී ඇති බවට විශ්වාස කල හැකි බවයි පරිසර වේදීන් කියා
සිටින්නේ.

එම
පුවක් ගසෙන් කඩා ගත් පුවක් ගෙඩි වල කිසිදු රසයේ වෙනසක් නොමැති බවත්, බුලත් විට කෑම
සදහා එම ගසෙන් ලබා ගත් පුවක් භාවිතා කල බවයි එම ගෙවත්තේ අයිතිකරුවා කියා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here