Home Local News Room : රන් පවුම 360,000 පනී…

News Room : රන් පවුම 360,000 පනී…

5
0

 

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ අද (27) දින මෙරට රන් මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ. ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 6,000ක පමණ අගයකින් ඉහළ ගොස් ඇත.

හෙට්ටිවීථිය රන් වෙළෙඳ ප්‍රජාව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, අද පෙරවරුවේ රුපියල් 362,000ක් ලෙස සටහන් වූ කැරට් 24 රන් පවුමක වටිනාකම මේ වන විට රුපියල් 368,000 දක්වා ඉහළ ගොස් ඇත. 

මීට සමගාමීව කැරට් 22 රන් පවුමක මිල ද රුපියල් 332,000 සිට රුපියල් 337,500 දක්වා මිල වැඩිවීමකට ලක්ව තිබේ.

අන්තර්ජාතික වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4530ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යාම, දේශීය රන් මිල මෙලෙස ඉහළ යාමට සෘජුව බලපා ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here