Home Local News Room : ඇමතිලා හයකට අල්ලස් දැල.. වත්කම් ඉපයු අයුරු අහයි..

News Room : ඇමතිලා හයකට අල්ලස් දැල.. වත්කම් ඉපයු අයුරු අහයි..

0
0

සුජීව තත්සර

වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධි කරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ. 

ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනෙකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්තසමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාමුනි කමන්ත තුෂාර මහතාට අනිද්දා (30දා) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා තිබේ.

Divaina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here