Home Local News Room : ඩෝප් ඩ‍්‍රයිවිං සහනය ඉවරයි.. පොලිසියට බැලුන් ඇවිත්..

News Room : ඩෝප් ඩ‍්‍රයිවිං සහනය ඉවරයි.. පොලිසියට බැලුන් ඇවිත්..

1
0

 

මත්පැන් පානය කර රිය පදවන්නන් හඳුනාගැනීම සඳහා භාවිත කරන ප්‍රශ්වාස වායු පරීක්‍ෂණ කට්ටල (ශ්වසන නළ) දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත ලබාදීමට රථවාහන මූලස්ථානය පියවර ගෙන තිබේ. 

රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා ප්‍රකාශ කළේ, මේ වන විටත් මෙවැනි නළ 75,000ක් පොලිස් ස්ථාන වෙත යොමු කර ඇති අතර, එළඹෙන ජනවාරි මාසයේදී තවත් නළ ලක්‍ෂ දෙකහමාරක තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි.

උත්සව සමය ඉලක්ක කරගනිමින් සිදුවන මාරක රිය අනතුරු සහ දේපළ හානි අවම කිරීම මෙම විශේෂ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී ඇත. 

ඒ අනුව, මත්පැන් පානය කර රිය පදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු උත්සව සමයට පමණක් සීමා නොවන බවත්, විශේෂයෙන් රාත්‍රී කාලය කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන හදිසි වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here