Home Local News Room : අගමැති හරිනි දරු සුරතල් බලයි..

News Room : අගමැති හරිනි දරු සුරතල් බලයි..

0
0

 

අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල දෙසැම්බර් 24 වන දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

​පැවති තද සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී මුළුමනින්ම හානි වූ, කැටවත්ත යෝධ උල්පත ප්‍රජා ශාලාවේ පවත්වාගෙන ගිය පෙරපාසල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආරක්ෂිත ස්ථානයක යළි එම පෙරපාසල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව නිසි පරිදි ලබා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ආපදාවෙන් පසු පවත්වාගෙන යාමට නොහැකි වන සේ හානි වූ පෙරපාසල් පිළිබඳ සොයා බලා, එම ගුරුවරුන් හට දීමනාව අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

​අනතුරුව නායයෑම් හේතුවෙන් දැඩි හානි සිදු වූ පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලය ද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් විය.

​මෙම අවස්ථාවට පූජ්‍ය දියතලාවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ, මීගහකිවුල ජාතික පාසලේ විදුහල්පති එච්.ඩබ්.කේ.ඒ. පද්මකුමාර, පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි කේ. ඉන්දුමතී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here