හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන,
කඩවල ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී
අනතුරට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී
7.00ට පමණ වන අතර, හැටන් සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ රථයක් මෙලෙස
අනතුරට මුහුණ දී ඇත.
පොලිසිය පවසන පරිදි
අනතුරත ඒතු වී ඇත්තේ අදාළ ස්ථානයේ ඇති විශාල වංගුවක් ගැනීමේදී රථයේ වේගය පාලනය කර ගැනීමට
නොහැකි වීමෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම ප්‍රපාතයට පෙරළී තිබේ.
අනතුරින් රියදුරුට හෝ වෙනත් ක්සිවෙකුට තුවාල සිදුවී නොමැති
අතර ලොරි
රථයට සහ එහි ප්‍රවාහනය කළ සිමෙන්ති තොගයට හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය
වැඩිදුර විමර්ශන පවත්වයි.
ආර්.එෆ්.එම්.සුහෙල්









