ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ලබන සඳුදා (22) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, මෙම සංචාරය අතරතුරදී මෙරට ආපදා පසුකාලීන ප්‍රතිසංස්කරණ හා යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් වෙනුවෙන් ඉන්දීය රජයේ විශේෂ සහයෝගීතා පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
මෑතකාලීනව මෙරට ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පසු යටිතල පහසුකම් නංවාලීම සහ පීඩාවට පත් ජනතාව නගා සිටුවීම සඳහා ඉන්දියාවේ සහාය මෙහිදී නිල වශයෙන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ඇතුළු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.









