Home Local News Room : අවතැන් කදවුරක පවුල් ආරවුල්.. බිරිද හා අනියම් බිරිද ගුටි...

News Room : අවතැන් කදවුරක පවුල් ආරවුල්.. බිරිද හා අනියම් බිරිද ගුටි ඇණගනිති…

0
0

 ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස් සඳහා මාදම්පේ ප්‍රදේශයේ ආගමික ස්ථානයක පවත්වාගෙන ගිය සුරක්ෂා මධ්‍යස්ථානයකදී, විරසක වී සිටි අඹුසැමි යුවළක් හා සම්බන්ධ ගැටුමක් සිදුව ඇත.

තම නිවස ජලයෙන් යටවීම හේතුවෙන් අදාළ කාන්තාව මෙම සහන කඳවුරට පැමිණ සිටියාය. 

එම අවස්ථාවේදී, කලක සිට ඇයගෙන් වෙන්ව වෙනත් කාන්තාවක සමඟ ජීවත් වන ඇගේ නීත්‍යානුකූල සැමියා ද, සිය නව සහකාරිය සමඟ එම මධ්‍යස්ථානයටම පැමිණ ඇත්තේ ඔවුන් පදිංචිව සිටි නිවස ද ගංවතුරට හසුවීම හේතුවෙනි.

තමා හැරගිය සැමියා වෙනත් කාන්තාවක සමඟ එකම වහලක් යටට පැමිණෙනු දැකීමෙන් දැඩි කෝපයට පත් බිරිඳ, එම කාන්තාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ කර ඇත. 

ඇය අනෙක් කාන්තාවට පහර දීමට සැරසෙද්දී, එහි සිටි සෙසු පිරිස වහා මැදිහත් වී දෙපාර්ශවය සමථයකට පත් කරමින් තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, මොවුන් තවදුරටත් එකම ස්ථානයක රඳවා තැබීමෙන් නැවතත් ගැටුම්කාරී තත්ත්වයක් හටගත හැකි බව වටහාගත් මධ්‍යස්ථාන බලධාරීන්, පසුව එම පුද්ගලයා සහ ඔහු සමඟ පැමිණි කාන්තාව මාදම්පේ ප්‍රදේශයේම පිහිටි වෙනත් සහන කඳවුරක් වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here