Home Local News Room : අවතැන් කදවුරුවල පිරිස් ඉඩම් ඉල්ලා විරෝධතා…

News Room : අවතැන් කදවුරුවල පිරිස් ඉඩම් ඉල්ලා විරෝධතා…

0
0

 

දිට්වා
සුලි කුණාටුව හේතුවෙන් නෝර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතුයායේ භාරතීපුරම්
දමිල මහා විද්‍යාලයේ ආරක්ෂිත කදවුරේ සිටින වතුකම්කරුවන් (17) දින එම වතුයායේ තේ
කර්මාන්තශාලාව ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය.

දිට්වා
සුලි කුණාටුවත් සමගම එම වතු යායේ පහළ කොටසේ නායයෑමේ අවධානමක් හේතුවෙන් වතුකමුකර්
පවුල් 50කට අයත් සාමාජිකයන් 307 දෙනෙකු සටොක්හොම් වතුයායේ පිහිටි භාරතිපුරම් දමිල
මහ විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කිරිමට නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු පාලන
අධිකාරිය පියවර ගැනිණ.

 නායයෑමේ අවධානමක් යැයි කියන එම වතුයායේ වතු
නිවාස සහ තේ වත්ත ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් (16) දින පැමණී භූමිය
පරික්ෂා කර බලා නායයෑමේ අවධානමක් එම වතු යායේ නොමැති බවට නිර්දේශ කිරිමත් සමග තමන්
රැදී සිටින ආරක්ෂිත කදවුරික් ඉවත් වන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම් දීඅ ැති
බවයි උද්ගෝෂණයේ නිරතව සිටි වතුකම්කරුවන් කියා සිටියි.

මස්කෙළිඔයට
ඉහළින් පිහිටි තම වතුයායේ මේ වන විට විශාල ලෙස ඉරි තලා ඇති බවත්, එම තත්වය මත තමන්
පදිංචි නිවාස වල බිත්තිද පුපුරා කඩා වැටිමේ අවධානමකට ලක් වී ඇති බවයි උද්ගෝෂණයේ
නිරත පිරිස කියා සිටියේ.

තමන්ට
නිවසක් ඉදි කර ගැනීමට තම වතුයායේම සුදුසු ඉඩමක ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙසත්, වත්මන්
ජනපති අනුරකුමාර දිසානායක මහතා කෙරෙහි වතු කම්කරුව්න පූර්ණ විශාවසය තබා ඇති නිසා
තමන් නිවසක් ඉදි කර ගැනීමට ඉඩම් කැබැල්ලක් ජනාධිපතිවරයා ලබා දෙන බවට තමන්ට
විශ්වාසයක් ඇති බවයි වතු කම්කරුව්න කියා සිටියේ.

තමන්ට
ඉඩම් කැබැල්ලක් ලබාදෙන තෙක් දැනට තාවකාලිකව රැදී සිටින ස්ටොක්හොම් වතුයායේ
භාරතීපුරම් දමිල මහා විද්‍යාලයේ ආරක්ෂිත කදවුරේන් ඉවත් නොවන බවද උද්ගෝෂණයේ නිරත
වතු කම්කරුවන් වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here