Home Local News Room : පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

News Room : පොලිසිවල බැලුන් නෑ.. රංවලගේ ඇල්කොහොල් ටෙස්ට් ගැන ඇමති කියයි..

0
0

 පොලිසි තුළ පොදුවේ ශ්වසන පරීක්ෂණ නළ (බැලූන්) හිඟයක් පවතින බවත් පෙරේදා දින බැලූන් තොගයක් ගෙන්වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවැසීය. 

ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා කීය.

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ රිය අනතුර සහ ඔහු පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඒ අනුව අමාත්‍යවරයා පැවැසුවේ පුද්ගලයකු රිය අනතුරකට ලක් වූ පසු ඔහු මුලින්ම ඇතුළු කරන ස්ථානයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බවත් ඒ අනුව එම පුද්ගලයා මුලින්ම රෝහලට ඇතුළත් කළේ නම්  ඇල්කොහොල් ශරීරගත වී ඇත්දැයි පරීක්ෂණය සිදු කරන්නේ රෝහලෙන් බවයි.

එමෙන්ම අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ නම් එම පරීක්‍ෂණය සිදු කරන්නේ පොලිසියෙන් බවද විජයපාල මහතා වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.

අනුරාධා හේරත්
– මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here