Home Local News Room : රන්වලට පුම්බන්න දෙන්න පොලිසියේ බැලුම් තිබ්බෙ නෑලු..

News Room : රන්වලට පුම්බන්න දෙන්න පොලිසියේ බැලුම් තිබ්බෙ නෑලු..

0
0

පසුගිය 11 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා පැදවූ ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ජී. සුරවීර සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කිරීමට කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත. 

ස්ථානාධිපතිවරයා සැකකරුගේ බීමත් භාවය පරීක්ෂා කිරීම සඳහා බැලූන් පරීක්ෂාවක් නොකිරීම ඔහුට එල්ල වන චෝදනාවයි. 

ඒ ගැන සපුගස්කන්ද පොලිසියෙන් කළ විමසීමේදී කියා සිටියේ එම පරීක්ෂාවන් කිරීම සඳහා එකදු බැලූනයක් හෝ පොලිසියේ නොතිබූ බවය.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ජී. සුරවීර හා රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ. දිසානායක යන නිලධාරීන්ගේ මෙහෙයවීම මත සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here