ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ් 2017–2018 කාලය සඳහා නියමිත දිගුකාලීන ඉන්ධන ප්‍රසම්පාදන ටෙන්ඩර් තුනක් අවලංගු කිරීම සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණයකට අදාලවයයි.
අවලංගු කරන ලද ටෙන්ඩර් සැලකිය යුතු ලෙස ඉහළ මිල ගණන් යටතේ හදිසි මිලදී ගැනීම් හරහා කරන ලද අතර එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 800 කට ආසන්න මූල්‍යමය පාඩුවක් සිදු වූ බවට චෝදනා එල්ල වේ.
රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.