Home Local News Room : ඉතිහාසයේ වැඩිම විනාශය වුවේ අනුරගේ මේ කාලයේයි.. මඤ්ඤං කියනවා.....

News Room : ඉතිහාසයේ වැඩිම විනාශය වුවේ අනුරගේ මේ කාලයේයි.. මඤ්ඤං කියනවා.. සිහි විකල් වෙලා.. අමුකැවිලා..

0
0

ලංකා ඉතිහාසයෙන් මෙතරම් විනාශයක් සිදුවූයේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේදී බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

එම විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ. 

“ත‍්‍රිකුණාමලයේ තැන්පත් කල බුද්ධ ප්‍රතිමාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් බුදුරජාණන් වහන්සේ අත්අඩංගුවට ගත්ත. අපේ සංස්කෘතියට ගහන්න පටන් ගත්තා ආපු ගමන්. බුද්ධ ශාසන අමාත්‍යංශය නැති කෙරුව. 

මඤ්ඤං කියවනවා. සිහි විකල් වෙලා.. අමුකැවිල.

මේ බලය ඔරොත්තු දෙන්නේ නෑ. මොකද මිත්‍යාවත් එක්ක ඉන්නේ. 

ලංකා ඉතිහාසයේ මේ අනුරගේ පාලන කාලයේ විතරයි මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. 

දැන් දැක්කනේ අපි තුන් හතර දෙනෙක් බහිනකොට ගහලා එළවන්න ලැහැති වුණා. ඒ හින්දා ඒ තව ඉස්සරහට වෙයි.

පාස්කුව වළක්වා නොගැනීමේ හේතුවෙන් මෛත්‍රීපාලට ගෙවන්න වුණා ලක්ෂ ගාණක්. පාස්කු ප‍්‍රහාරයටත් වඩා, එල්ටීටීඊ යුද්ධයටත් වඩා, ජේවීපි කල්බලවටත් වඩා රටට විනාශයක්’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here