Home Local News Room : මාලිමා මන්ත‍්‍රීනියගේ අත්බෑගය කොල්ලකයි..

News Room : මාලිමා මන්ත‍්‍රීනියගේ අත්බෑගය කොල්ලකයි..

1
0

 

බොරලැස්ගමුව නගර සභාවට අයත් පැපිලියාන ප්‍රදේශයේ අලුබෝගහ වත්ත පටුමග සහ පළමු පටුමග යන මාර්ගවල සිදු කරමින් පවතින මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක තත්ත්වය සොයා බැලීම සඳහා පා ගමනින් යමින් සිටි බොරලැස්ගමුව නගර සභාවේ පැපිලියාන කොට්ඨාසයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය වන ලලනා ප්‍රියදර්ශනී මහත්මියගේ අබෑගය 08 වැනිදා දහවල් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි.

තමන් පාගමනින් නැදිමාල පාර ඔස්සේ අළුබෝහහ වත්ත පාර පිහිටි ස්ථානය වෙත සමින් සිටියදී එකවරම පැමිණි රතු පැහැති තිරෝද රථයක සිටි අයකු සිය උරහිසේ මල්ලාගෙන තිබූ අබෑගය උදුරාගෙන කොල්ලකා පලා ගිය බිව්ව නාගරික න්ත්‍රිවරිය පැමිණිල්ලක් කර ඇත. 

ඒ අනුව ක්‍රිරෝද රථය හා කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව පොලිසිය පවසයි. මන්තිවරියගේ අත් බෑගයේ මුදල් පසුම්බිය, ජංගම දුරකථන, කුඩා කරාබු යුවලක් මෙන්ම ජාතික හැඳුනුම්පතඇතුළු ඩටිනා ලිපි රැසක් තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති බව ද පොලිසිය පසයි.

මාර්ගය දෙපස නිවාස හා ව්‍යාපාරික ස්ථාන වල සවිකර ඇති සී.සි. විව් කැමරා දර්ශන උපයෝගි කරගනිමින් සිද්ධියට අදාළ සැකකරුවන් සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනීමට නියම්හ බව පොලිසිය කිවේය.

දෙනිවල පොලිස් ස්ථානයේ නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරති.

එස්.ඩී. අබේසිංහ – මහරගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here