මොනරාගල කොට්ඨාසයේ පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස රාජකාරී කරන ප්රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ගෙල කපා සිරුරෙන් වෙන්කර හිස කොටස ඔහුගේ නිල කාමරයේ මේසය මත තබන බවට පවසා පලාගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ බිරිය සමග අයුතු හාදකමක් පවත්වා ගෙන යමින් ඇය සමඟ රහසිගත සම්බන්ධතා ද පවත්වා ඇති බව කියමින් චෝදනා කර මෙවැනි ආකාරයේ තර්ජනයක් සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා රාජකාරි කටයුත්තක් නිම කර පෙරේද (8) වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට කඩා වැදී මෙසේ තර්ජනය කර පලාගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
අදාළ පොලිස් ස්ථානය මගින් පලාගොස් සැඟව සිටින මෙම ආධුනික කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
Lankadeepa









