Home Local News Room : නාය යාමේ අවදානමක්.. පවුල් 73ක් ඉවත් කරයි…

News Room : නාය යාමේ අවදානමක්.. පවුල් 73ක් ඉවත් කරයි…

2
0

 

නල්ලතන්නිය මරේ වතුයායේ කොටසක් තුල නායයාමේ තර්ජනයක්
මතුවෙතැයි ඇතිවු සැකයක් මත එම වතුයායේ නිවාස 50ක පදිංචිකරුවන් එම නිවාසවලින් ඉවත්
කර සුරක්ෂිත මධ්‍යස්ථානයක් වෙත රදවා තැබිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිසකදි අදහස් දැක්වු නල්ලතන්නිය
පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නල්ලතන්නිය මරේ වතුයායේ කොටසක් නායයාමේ තර්ජනයකට
ලක් වෙතැයි ඇතිවු සැකයක් මත එහි පදිංචිකරුවන්ගේ මතු ආරක්ෂාව සදහා එම ප්‍රදේශයේ
නිවාස 50 පදිංචිව සිටි පවුල් 73ක සමාජිකයන් 311 දෙනකු එම ස්ථානවලින් ඉවත් ඉවත් කර
නල්ලතන්නිය ද්‍රවිඩ විදුහලේ ස්ථාපිත කර ඇති සුරක්ෂා මධ්‍යස්ථානය වෙත රදවා තැබිමට
09වන දින පියවර ගත් බවත්ය.

ඉදිරි දිනවලදි ඊසාන දිග මෝෂම් වැසි තත්වයන් සක්‍රිය විම
මත මෙම ප්‍රදේශයන්ට වැසි ඇදහැලුනහොත් මෙම නිවාස පිහිටි ප්‍රදේශයන්ට යම් නායයාමේ
තර්ජනයක් ඇති වෙතැයි මතුවු සැකයන් මත එම පිරිසගේ මතු ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර
ගත් බවත් මෙසේ සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද මෙම පිරිසට අවශ්‍ය ආහාරපාන හා
අනෙකුත් අවස්‍යථාවයන් පිලිබදව සොයා බැලිම සදහා අදාල අංශවල පිරිස් දැනුවත් කිරිමට
පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

– මනුර
සුදත් සෙල්ලහේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here