ඊසාන දිග මෝසම් වර්ෂාව ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි වීමක් අද රාත්‍රීයේ සිට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර ඉදිරි වර්ෂා තත්ත්වයට මුහුණ දීම සඳහා වාන් දොරටු විවෘත කිරීම මගින් ජලාශවල ජල මට්ටුව අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.









