අපදාවෙන් විපතට පත් වූවන්ට ආහාර බෙදා හැරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ජාතික ජන බලවේගයේ දේශපාලනඥයෙකු ස්වාධීන පළාත් පාලන මන්ත්‍රීවරයෙකුගේ අත සපා කෑ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
කඩුවෙල ප්‍රදේශයේ සියලුම ආපදා සහන කටයුතු තමා හරහා පමණක් සිදු කළ යුතු බව ජාතික ජන බලවේගයේ අදාල සාමාජිකයා පවසා ඇතැයිද ඔහු කීය.
ආපදා සහන වැඩසටහනක් පාලනය කිරීමට දේශපාලන පක්ෂයකට උත්සාහ කළ හැක්කේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
පීඩාවට ලක් වූවන්ට බෙදා හරින සහනාධාරවල කිසිදු පක්ෂ ලේබලයක් නොතිබිය යුතු බව ඔහු අවධාරණය කළේය.
“සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා.ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා.ඒ ගැන වීඩියෝ පවා තියෙනවා.අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ”









