Home Local News Room : ගංවතුරෙන් මියගිය සත්ව ගොවිපල මස් වෙලදපලට..? සතියක් තහනම් කරයි…

News Room : ගංවතුරෙන් මියගිය සත්ව ගොවිපල මස් වෙලදපලට..? සතියක් තහනම් කරයි…

2
0

 ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වන ප්‍රදීප් බොරලැස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත් ආපදාවට ලක්වීම හේතුවෙන් සතියක කාලයක් සඳහා දැඩි නීති පනවා ඇති බවයි.

ඒ අනුව, එම සතිය තුළ ගවයන්, එළුවන් සහ ඌරන් ඝාතනය කිරීම සහ ඒවායේ මස් ගබඩා කර තබා ගැනීම හෝ විකිණීම තහනම් කර තිබේ.

මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්නාරමෙන් විශාල වශයෙන් ගොවිපළ සතුන් මියයාම සහ එම සතුන්ගේ මස් ජනතාව පරිභෝජනය සඳහා වෙළෙඳපොළට මුදා හැරීම වැළැක්වීමයි.

තවදුරටත් අදහස් දක්වමින් සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ, විපත්තිවලට ලක්ව මිය ගිය සතුන්ගේ මළ සිරුරු ආහාර සඳහා අලෙවි කිරීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවේද යන්න පිළිබඳව දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

එවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, වහාම අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටී. 

එසේ දැනුම් දීමට නොහැකි අවස්ථාවකදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමටද හැකියාව ඇති බව බොරලැස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here