Home Local News Room : ඉන්දියාවෙන් ජංගම රෝහලක් ගුවනින් එවයි..

News Room : ඉන්දියාවෙන් ජංගම රෝහලක් ගුවනින් එවයි..

2
0

 

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම කණ්ඩායම මහියංගනය ප්‍රදේශයේ සහන සේවා කටයුතු වල නිරත වීමට නියමිත අතර, එහිදී ඔවුන් ගංවතුර හා ඒ ආශ්‍රිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, හදිසි සත්කාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙනු ලබයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි එම නියෝජිත පිරිස යුද්ධ හමුදා  විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගි විසින් පිළිගන්නා ලදී.

ඉන්දීය හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මෙම පැමිණීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කලාපීය හවුල්කාරිත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here