කොලොන්නව ප්‍රදේශයට බෝට්ටු අවශ්‍ය වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් දුරකථන අංක ද සහිතව ඔහු මෙම ඉල්ලීම පොදුවේ කර තිබේ.
කැළණි ගග පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුරට යටවූ පිරිස් මුදා ගැනීමේ කටයුතුවලට යෙදවීමට ප‍්‍රමාණවත් බෝට්ටු නොමැති වීම මත මෙම ඉල්ලීම කර ඇත.










