Home Local News Room : ‘නිලධාරීන් රජයේ මුදල් වියදම් කිරීම’ අල්ලස් කොමිසමෙස් නිවේදනයක්..

News Room : ‘නිලධාරීන් රජයේ මුදල් වියදම් කිරීම’ අල්ලස් කොමිසමෙස් නිවේදනයක්..

1
0

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රටට බලපා ඇති ආපදා තත්වය තුල සමාජ මාධ්‍යන්හි පළවන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව පැහැදිළි කිරීම

අයහපත් කාලගුණ තත්වය තුල දිවයින පුරා මහජනතාව ආපදාවන්ට පත්ව ඇති අවස්ථාවේ රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදු කර ඇති බවට වන ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මෙවැනි කිසිදු ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සිදු කර නොමැති බව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වා සිටී.

ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී ඇති මෙම දැඩි ව්‍යසනකාරී තත්වය තුළ. තවදුරටත් ඔවුන් අපහසුතාවයට පත් කරවනු ලබන මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here