Home Local News Room : සුළි කුණාඩුවේ ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්…

News Room : සුළි කුණාඩුවේ ආපදා දැනුම් දෙන්න දුරකථන අංකයක්…

3
0

ඉදිරි පැය 48 තුළ ඇතිවන අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණ දීමේදී  ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ  ප්‍රධානත්වයෙන් (27)  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.

මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හදිසි තත්වයන්  දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංක  117, 

කොළඹ දිස්ත්‍රික් ආපදා කලමනා කරණ සම්බන්ධීකරණ ඒකකය  0112434028  සහ  අපදා කළමනාකරණ මධ්‍යස්ථානය 0112136136 යන දුරකතන අංක  හදුන්වා දුන්නේය.

මීට අමතරව පිළිගත් ජනමාධ්‍ය හරහා නිකුත් කරන ප්‍රවෘත්ති හා හදිසි නිවේදන වලටද අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දන්නවන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here