Home Local News Room : නීති විරෝධී කොටස් තැරැවුකාර සමාගමක්..

News Room : නීති විරෝධී කොටස් තැරැවුකාර සමාගමක්..

1
0

 

සුරැකුම්පත් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු සිදුකරන බව පවසන බ්ලූ ඕෂන් සෙකියුරිටීස් නම් ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රයක් නොමැති සහ එවැනි ගනුදෙනු සඳහා බලයක් නොමැති ආයතනයක් බව එම කොමිෂන් සභාව පවසයි.

එසේම එම ආයතනයේ සිටින ප්‍රධාන විශ්ලේෂණ නිලධාරියා ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකු හෝ, සහායකයකු නොවන බවත් ඔවුහු සඳහන් කරති.

මීට අමතරව මෙම ආයතනය පවසන ආකාරයට ඔවුන් එක්සත් රාජධානියෙහි මූල්‍ය හැසිරීම් අධිකාරිය (FCA) හි ලියාපදිංචි හෝ බලපත්‍රලාභී ආයතනයක් නොවන බවත් එම කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙම ලූ ඕෂන් සෙකියුරිටීස් නම් ආයතනය සමගින් කිසිදු මුදල් ගනුදෙනුවක්, මුදල් තැන්පතු කිරීමක් හෝ එම ආයතනයේ බව පැවසෙන වටස් ඇප් සමූහයකට හෝ සම්බන්ධ නොවන ලෙස එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි

භානුක අමරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here