Home Local News Room : සේවකයන් ප‍්‍රධානියාගේ කාමරයට කඩා පනිති…

News Room : සේවකයන් ප‍්‍රධානියාගේ කාමරයට කඩා පනිති…

1
0

 

කොටගල
මේ ෆීල්ඩි වතුයායේ වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරිය සමග හැටන් කම්කරු කොමසාරිස්
කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි වතු කම්කරුවන් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් 31කට විසදුම්
ලබා දීමට නොහැකි බව වතු පාලන අධිකාරිය මගින් සාකච්ඡාව පැවසීමෙන් අනතුරුව ම
සාකච්ඡාවට සහභාගි වූ වතු කම්කරුවන් නොසන්සුන්කාරි ලෙස එම කාර්යාලය තුලදී හැසිරිණ.

එම
වතුයායේ වතු කම්කරුවන් ඉල්ලීම් 31ක් මුල් කර ගනිමින් වරින්වර වැඩ වර්ජනයක නිරත
වෙමින් සිටි නිසා ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම කැදවා සාකච්ඡා කිරිමට හැටන් සහකාර
කම්කරු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි.

වතු
පාලන අධිකාරිය විසින් වතු කම්කරුවන්ගේ මූලික අවශ්‍යතාවයන් ඉටු නොකරන බවට සහ
පරිපාලනයේ පවතින දුර්වලකම් හේතුවෙන් තම වතුයාය කැලැ බවට පත් වන බවත්, චෝදනා කරමින්
වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම ක්‍රියාමාර්ගයට පෙළඹ ඇත.

(25)
දින උදෑසනද එම වතුයායේ වතු කම්කරුවන් වතු කාර්යාලය ඉදිරිපිට ගොස් එම වතුයායේ වතු
අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා ඉවත් කරන ලෙස බල කරමින් උද්ගෝෂණයකද නිරත
විය.

රංජිත් රාජපක්ෂ               

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here