ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවි සැල් ජාලය පුළුල් කරමින් මාරවිල, මැල්සිරිපුර, නාත්තන්ඩිය හොරකැලේ, රුක් අත්තන සහ බිංගිරිය මරදවිල යන ගොවිපල වල නව අලෙවි සැල් විවෘත කිරීම සිදුවිය.
නාත්තන්ඩිය හොරකැලේ ගොවිපලේදී 57 වැනි අලෙවිසැලක් විවෘත කිරීම පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අජිත් ගිහාන් මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මෙම අලෙවිසැල් මගින් නවීන යන්ත්රානුසාරයෙන් නිෂ්පාදිත ඉහළ ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව පවතී.