අඹගමුව ප්රාදේශිය ලේකම් බල ප්රදේශයේ ගම්මාන කිපයකම
පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත.
අඹගමුව ප්රාදේශිය ලේකම් බල ප්රදේශයේ ගිනිගත්හේන,
අඹතලාව, ඇඩර්ඩින්, හත්ලහා, අඹගමුව, බලංතොට, පේරගොල්ල, පේරගහාමුල, හොරකඩ, යන
ගම්මානවල මෙම රිලා උවදුර මේ වන විට ඌග්ර තත්වයන්ට පත්විමෙන් මෙකි
තත්වයන් උදාවි ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල ගම්වාසින්
පිරිසක් පවසනුයේ මේ වන තම ගම්මානවල සැරි සරන රිලවුන් රංචු පිටින් පැමින තමන් ඉතා
දුකසේ වගා කරන වගාවන් විනාශ කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම රිලා රංචු තම වගාවන් පමනක් නොව තම නිවාස තුලටද කඩා
වැදි තම නිවෙස්වල දොර ජනෙල් තිර රෙදිද විනාශ කරන බවත් තම කුස්සිවල උයා ඇති බත්
වැංජන මුට්ටි පිටින් ඔසවාගෙන ගෙන ගොස් විනාශ කරන කරන බවත් මෙම තත්වයන් මත තමන් මේ
වන විට දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම රිලා රංචු හේතුවෙන් තමන් පත්ව ඇති දුෂ්කරථාවයන්
පිලිබදව අවදානය යොමු කර මෙම රිලා රංචු තම ගම්මානවලින් ඉවත් කිරිමට අදාල නිලධාරින්
පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.