වර්තමාන රජයේ අනුග්‍රහයෙන් හම්බන්තොට කුඩු කන්ටේනර යැව්වේ යයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් වෙදාරච්චි මහතා සඳහන් කරයි.
කන්ටේනර් 323 ක් මුදා හැරීමෙන් පසුව ඒ සමග පැමිණි කන්ටේනර් දෙකක් හම්බන්තොට ප්‍රදේශයට යැවූ බව ඔහු චෝදනා කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කය කුඩු වලින් පෝෂණය කළේ වර්තමාන ආණ්ඩුව බවටද ඔහු සඳහන් කළේය.
කුඩු සහ අයිස් නිෂ්පාදනය කරන ද්‍රව්‍ය කිලෝ හයදහස බැගින් කන්ටේනර් දෙකක් සමාගම් තුනකට යටතේ ගෙන්වා තිබූ බවත් ඒවා හම්බන්තොට එවා තිබූ බවත් ඒ මහතා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් සඳහන් කළේය.