Home Local News Room : වකුගඩුවක් විකුණා කුඩු ගහයි…

News Room : වකුගඩුවක් විකුණා කුඩු ගහයි…

0
0

 රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රන් හා රිදී භාණ්ඩ තොගයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මොහු මත්ද්‍රව්‍ය පානය සඳහා වකුගඩුවක් පවා විකුණා ඇති අයෙකි.

මෙම සොරකම පිටකොටුව, හෙට්ටි වීදියේ පිහිටි රන් සහ රිදී අලෙවි සැලක් ඉලක්ක කරගෙන සිදු කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර, පොලිසිය විසින් එම ප්‍රදේශයේ සීසීටීවී දර්ශන 70 කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇත.

අත්අඩංගුවට පත් වූ තැනැත්තා වයස අවුරුදු 60ක් වන අතර, පොලිස් වාර්තා අනුව මොහු 1993 වර්ෂයේ සිට දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

සැකකරු විසින් සොරකම් කරන ලද දේපළවලින් කොටසක් බොරැල්ල, සිරිසත උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.

සඟවා තිබූ ස්ථානය ලෙස පොලිසිය සඳහන් කර ඇත්තේ එම නිවසේ වැසිකිළි පොච්චියක ඇති කුහරයකි.

මෙම සඟවා තිබූ තැනින්, රන් පවුමක් බර රන් ආභරණ සහ කිලෝග්‍රෑම් 3 කට ආසන්න රිදී ආභරණ ප්‍රමාණයක් සොයාගෙන තිබේ. 

පසුගිය මාසයේ 25 වන දින රාත්‍රී කාලයේදී සැකකරු දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වහලයෙන් ඇතුළු වී, වෙළඳසැලේ අල්මාරිවල තිබූ රන් හා රිදී දේපළ සොරාගෙන පලා ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here